රට වසා තැබීමෙන් සිදුවන හානිය ගැන මහ බැංකුව කථා කරයි

2021-06-11 at 15:06

කොරෝනා වසංගත තත්වය හමුවේ රට වසා තැබීම නිසා ආර්ථිකමය වශයෙන් සිදුවන බලපෑම කොපමණදැයි මේ දක්වා නිෂ්චිතවම සදහන් කළ නොහැකි බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ ආර්ථික දත්ත විශලේශණය කර ඉදිරියේදී මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණ කළ හැකි බවයි ශ්‍රී ලංකා මහබැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ චන්ද්‍රනාත් අමරසේකර මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කොන්දෙසි සහිත ණයක් ලබාගැනීමට මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බවද ශ්‍රී ලංකා මහබැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ චන්ද්‍රනාත් අමරසේකර මහතා මෙම මාධ්‍ය හමුවේදී සදහන් කළා.

ශ්‍රී ලංකාව සතුව දැනට පවතින විදේශ සංචිත ප්‍රමාණයන් පිළිබදවද ඔහු පැහැදිලිකළා.