රත්නපුර – මාතලේ – පොළොන්නරුව 65 % ඉක්මවයි

2019-11-16 at 14:09

රත්නපුරය දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය සියයට 65 ක් පමණ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීනි මාලනි ලොකුපෝතාගම මහත්මිය පවසනවා.

නිව්ස් රේඩියෝ කළ විමසීමකදී ඇය කියා සිටියේ දිස්ත්‍රික්කය තුළ ප්‍රචණ්ඩ සිදුවීම් කිසිවක් වාර්තා නොවූ බවයි.

මාතලේ දිස්ත්‍රික්කයේ ද ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 65 ඉක්මවා තිබෙනවා. මේ ඒ පිළිබද තොරතුරු ගෙන එන නිව්ස්රේඩියෝ වාර්තාකරු කාංචන කුමාර.

මේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා.