රසායනික හඳුනා ගැනීමේ උපකරණ ශ්‍රී ලංකා පොලිසියට

2020-08-28 at 06:37

ඔස්ටේ්‍රලියානු රජයේ ආධාර යටතේ රසායනික ද්‍රව්‍ය හඳුනා ගැනීමේ උපකරණ තොගයක් ශ්‍රී ලංකා පොලිසියට පිරිනමා තිඛෙනවා.

මෙරට ඔස්ටේ්‍රලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලී සහ / ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසියේ පොලිස් අධිකාරී ප්‍රොබ් විල්සන් මහත්වරුන් විසින් වැඩ බලන වැඩ බලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා වෙත මෙම උපකරණ තොගය ඊයේ පස්වරුවේ පිරිනැමු බවයි පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කලේ.

බහාලුම් තුල තිබියදී පවා ඝන ද්‍රව්‍ය වර්ග හඳුනා ගැනීමේ හැකියාවෙන් සමන්විත වීම මෙම උපකරණ තොගයේ විශේෂත්වයයි. එමෙන්ම පුපුරණ ද්‍රව්‍ය / යුධ අවිකාරක මත්ද්‍රව්‍ය / රසායනික ද්‍රව්‍ය හා සුදු පැහැති කුඩු සොයා ගැනීමේ හැකියාවද මෙම උපකරණ තොගය සතුයි.

සංවිධානාත්මක අපරාධ හා ගෝලීය අපරාධ මැඩලීමට ක්‍රියා කිරීමේදී ඔස්ටේ්‍රලියාව ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් ක්‍රියා කරන අතර එහි එක් පියවරක් ලෙසයි මෙම උපකරණ තොගය පිරිනමා ඇත්තේ.