රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධට කොරෝනා නැහැ

2021-01-28 at 12:19

පසුගියදා කොරෝනා ආසාධිතයකු ලෙස වාර්තා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා සමග පෞද්ගලික රූපවාහිනි වැඩසටහනකට සහභාගි වීම නිසා ස්වයං නිරෝධායනයට ලක් වූ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිඛෙනවා.

ඔහු පී සී ආර් පරීක්ෂණ සදහා යොමු වී ඇති අතර එහිදී ඔහු කොවිඩ් ආසාධිත නොවන බවටයි තහවුරු වී ඇත්තේ.