රුවන්ගේ ප්‍රකාශය සුභවාදී වුවත් නිළ ආරාධනයක් නැහැ

2020-09-16 at 12:24

සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවට එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා කල ප්‍රකාශය පිළිබඳ සළකා බැලීමට සූදානම් බව සමගි ජන බලවේගය පවසනවා.

එහෙත් එය එක්සත් ජාතික පක්ෂයේ නිල ස්ථාවරයද යන්න පැහැදිලි කරගත යුතුව ඇති බවයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා නිව්ස් රේඩියෝවට කියාසිටියේ