ලංකාවේ කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් ගණන 50000 ඉක්මවයි

2021-01-20 at 06:29

කොවිඩ් දෙවන රැල්ල ආරම්විීමෙන් පසුව මෙරටින් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (19) 50000 සීමාව ඉක්මවා ගියා.

ඒ ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් තවත් ආසාදිතයින් 669 දෙනෙකු හදුනාගැනීමත් සමගයි.

ඉන් 660 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වන අතර 9දෙනෙකු විදේශයන්හී සිට පැමිණි අයවනවා.

මේ අනුව මිනුවන්ගොඩ – පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් මේ දක්වා හදුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 50 දහස් 561ක්.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 54 දහස් 419 ක් ලෙසයි.

මෙරට කොවිඞ් ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 46 594 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ. තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 7552ක්.