ලංකාවේ දිනයක වැඩිම කොරෝනා ආසාධිතයන් ඊයේ – දිවුලපිටිය පොකුර 3682 ට නගී

2020-10-24 at 06:07

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් එක් දිනයකදී සටහන්වු වැඩිම කොවිඞ් ආසාධිතයන් සංඛ්‍යාව ඊයේ දිනයේදී වාර්තා වුණා.

ඒ 866 ක් ලෙසයි.

ඉන් 865 දෙනෙකුම දිවුලපිටිය – පෑලියගොඩ කොවිඞ් පොකුරෙන් වීම විශේෂත්වයක්.

මේ අනුව ශ්‍රී ලංකාවෙන් මේ දක්වා හමුවූ සමස්ත කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 7000 ඉක්මවා ගියා.

ඊයේ වාර්තාවු ආසාධිතයන් අතුරින් 535 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල ආශ්‍රිතව හඳුනාගත් අයයි.

බේරුවල ධීවර වරායෙන් 20 දෙනෙකුද – ගාල්ල ධීවර වරායෙන් 05 දෙනෙකුද ඊයේ තහවුරු කරගත් ආසාධිතයන් අතර වනවා.

එමෙන්ම නිරෝධායනයට ලක්වෙමින් සිටින 48 දෙනෙකු සහ ආසාධිතයන්ගෙන් ආශ්‍රිතයන් 257 දෙනෙකුද ඊයේ තහවුරු කරගත් ආසාධිතයන් අතරට අයත්.

දකුණු කොරියාවේ සිට පැමිණි පුද්ගලයෙකුද කොවිඞ් ආසාධිතයෙකු ලෙස ඊයේ වාර්තා වුණා.

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 7153 දක්වා ඉහළ ගියා.

දිවුලපිටිය – පෑලියගොඩ කොවිඞ් පොකුර පවතින්නේ 3682 ක් ලෙසයි.

දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 3495 ක්.

සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 3644 ක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ශ්‍රී ලංකාවේ කොවිඞ් මරණ සංඛ්‍යාව පවතින්නේ 14 ක් ලෙසයි.