ලංගම සාකච්ඡා අසාර්ථකයි – වර්ජනය අඛන්ඩව

2019-06-13 at 06:48

අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත ලංකා ගමනාගමන මණ්ඩල සේවකයන් සමග ප්‍රවාහන බලධාරින් ඊයේ පැවැත්වූ සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වී තිබෙනවා.

වර්ජනයේ නිරත සේවකයන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් අද දිනයේදී අග්‍රාමාත්‍ය ලේකම්වරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

ජාතික සේවක සංගමයේ ලංගම ශාඛාවේ සේවකයන් පිරිසක් අඛන්ඩ වර්ජනයක නිරත වන්නේ අවිධිමත් ආකාරයෙන් ලබාදී ඇති පත්වීම් කිහිපයක් විධිමත් කරන ලෙස ඉල්ලමින්.

මෙම වර්ජනය හේතුවෙන් ඩිපෝ 30 ක පමණ ප්‍රවාහන කටයුතුවලට බාධා එල්ලවී ඇති බවයි ලංකා ගමනාගමන මන්ඩලයේ සභාපති උපාලි මාරසිංහ මහතා නිවුස් රේඩියෝවට කියා සිටියේ.

කෙසේ වෙතත් එමගින් ප්‍රවාහන කටයුතුවලට සැලකිය යුතු බලපෑමක් එල්ලවී නොමැති බවද ඔහු සඳහන් කළා.

Please follow and like us: