ලක්ෂ විස්සේ වංචාවට බංගලාදේශ ජාතිකයා කොටුවෙයි

2019-07-12 at 08:41

රුපියල් ලක්ෂ 20 ක් වංචා කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට බංගලාදේශ ජාතිකයෙකු නාරම්මල නගරයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ වංචා විමර්ශණ කාර්යාංශයට ලද පැමිණිල්ලකට අනුව දීර්ඝ විමර්ශනයක් සිදු කිරිමෙන් අනතුරුවයි සැකකරු අත්අඩංගුවට ගැනුනේ.

සැකකරු 54 වන වියේ පසුවනවා.

ඔහු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ මෙහෙයවන්නේ කොළඹ වංචා විමර්ශණ කාර්යාංශයයි.