ලබන 29 දා යලි සාක්ෂි දෙන්නැයි පාස්කු කොමිසම මෛත්‍රිට කියයි

2020-10-24 at 13:44

සාක්ෂි ලබා දීම සඳහා ලබන 29 වනදා යළි පෙනී සිටින ලෙස පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශණය කරන ජනාධිපති කොමිසම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත දැනුම් දී තිබෙනවා.

මෛත්‍රිපාල සිරිසේන මහතා අද දිනයේදීත් කොමිසම හමුවේ පැය 3කට ආසන්න කාලයක් සාක්ෂි ලබා දුන්නා.

ඔහු මෙම කොමිසම හමුවේ අද දිනයේ පෙනී සිටියේ 6වන දිනටයි.