ලබාදීමට නියමිත එන්නත කුමක්දැයි ආණ්ඩුව වහා හෙළිකළ යුතුයි

2021-01-14 at 18:34

කොරෝනා වසංගතයෙන් ආරක්ෂාවීම සදහා මෙරට ජනතාවට ලබාදීමට නියමිත එන්නත කුමක්දැයි ආණ්ඩුව වහා රටට හෙළිකළ යුතු බව සමගි ජන බලවේගය අවධාරණය කරනවා.

එම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමැතිය දී ඇති එන්නතක්ද යන්න දැනගැනීම මෙරට පුරවැසියන්ගේ අයිතියක් බවයි විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවදිී පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කියා සිටියේ.

නිවැරදි එන්නතක් නොදුනහොත් එමගින් හටගන්නා සංකූලතා හේතුවෙන් කොරෝනා වසංගතයට වඩා වැඩි සෞඛ්‍ය අවදානමකට ජනතාව මුහුණු දෙනු ඇති බවද කාවින්ද ජයවර්ධන මහතා පෙන්වා දුන්නා.

මෙරට අධිකරණයේ ස්වාධීනත්වයට යම් බලපෑමක් එල්ලවී ඇත්දැයි ජනතාව තුල බරපතල සැකයක් බවතින බවත් පසුගිය දින කිහිපයේ සිදුවීම් දෙස බැලීමේදී එම තත්වය පෙනී යන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා පවසනවා.