ලාංකිකයන්ට ජපානයට ඇතුලුවීම තහනම්

2021-01-14 at 16:44

ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ රටවල් 11 ක පුරවැසියන්ට ජපානයට ඇතුලුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා.

කොවිඞ්19 ව්‍යාප්තිය හමුවේ මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකාව ට අමතරව තායිවානය, තායිලන්තය, හොංකොං, සිංගප්පුරුව, මැලේසියාව, වියට්නාමය, දකුණු කොරියාව, කාම්බෝජය, මියන්මාරය සහ චීනයේ ජනතාවට ද ජපානයට ඇතුලුවීම තහනම්වනු ඇති.

කෙසේවුවද ව්‍යාපාරික වීසා පවතින සංචාරකයින් සඳහා ජනවාරි 31 දක්වා එම තහනම අදාළ වන්නේ නැහැ.