ලාංකිකයින් 3 දෙනකු රත්‍රන් තොගයක් සමග ඉන්දීය අත්අඩංගුවට

2020-02-18 at 10:41

නීති විරෝධීව රත්‍රන් කිලෝ තුනාහමාරක් ප්‍රවාහනය කළ ශ්‍රී ලාංකිකයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය නාවික හමුදාව පවසනවා.

ඉන්දීය මුහුදු කලාපය ඔස්සේ බොට්ටුවකින් ගමන් කරමින් සිටියදී ඔවුන් මෙලෙස ඉන්දීය නාවික හමුදාව භාරයට පත්වී තිබෙනවා.

ධිවරයින් වශයෙන් සැලකෙන මෙම පුද්ගලයින් තුන්දෙනා තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි හෙළිවන්නේ.

ඔවුන් රැගෙන ගිය රත්‍රන් තොගය භාර ගැනීමට පැමිණ සිටි බවට සැලකෙන ඉන්ධීය ජාතිකයින් හතර දෙනෙකුද ඉන්දීය නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පිරිස දනුෂ්කොඩි පොලිස්ථානයේ රඳව ප්‍රශ්ණ කෙරෙමින් පවතින බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.


porta. ante. elit. sem, eleifend Nullam commodo ut vulputate,