ලිංගික අල්ලස් ඉල්ලූ බව කියන පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ වැඩ තහනම්

2019-12-11 at 11:08

තරුණියකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බව කියන නුගේගොඩ පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයෙකුගේ වැඩ තහනම් කර තිඛෙනවා.

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අදාල තරුණිය කළ පැමිණිල්ලක් ඇයට වාසි සහගතවන අයුරින් විසඳාදෙන බව පවසමින් පොලිස් ස්ථානාධිපතිවරයා මෙලෙස ලිංගික අල්ලස් ඉල්ලා ඇති බවයි නුගේගොඩ කොට්ඨාශය භාර උසස් පොලිස් නිළධාරියෙකු නිවුස් රේඩියෝවට කියා සිටියේ.

මෙම සිද්ධිය පිළිබඳ සිදුකළ විමර්ශණයකින් පසුවයි අදාල පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත්තේ.