ලෝක කුසලානයේ ලංකා නායකත්වය ගැන අවසන් තීරණය බ්‍රහස්පතින්දා

2019-04-15 at 13:59

මෙවර ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය සහ කණ්ඩායමේ නායකයා සම්බන්ධයෙන් වන අවසන් තීරණය ලබන බ්‍රහස්පතින්දා ගැනීමට නියමිතව තිඛෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටු ප්‍රධානී අසන්ත ද මෙල් මහතා නිවුස් රේඩියෝවට කියා සිටියේ ලබන බ්‍රහස්පතින්දා රැස්වන තේරීම් කමිටු සමාජිකයින් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි.

ලසිත් මාලිංග / ඇන්ජලෝ මැතිව්ස් / දිනේෂ් චන්දිමාල් සහ දිමුත් කරුණාරත්න යන ක්‍රිඩකයින් අතරින් අයෙකුට මෙවර ලෝක කුසලානයට සහභාගීවන කණ්ඩායමේ නායකත්වය හිමිවනු ඇති බවටයිි ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග සදහන් කළේ.

ලෝක කුසලානය සදහා සහභාගී වන කණ්ඩායමේ නායකත්වය සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය පළ කර ඇති වාර්තා පදනම් විරහිත බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.

ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම අබාධවලට ලක්ව සිටීමද සංචිතයද නම් කිරීමේදී සැලකිල්ලට ගැනීමට නියමිතයි. සංචිතය නම් කිරීමෙන් පසුව මෙවර ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වන කණ්ඩායම අවසන් අනුමැතිය සදහා ක්‍රිඩා අමාත්‍යවරයා වෙත යොමුකරන බවද තේරීම් කමිටු ප්‍රධානිය කියා සිටියා.

2019 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන රටවල ක්‍රිකට් සංවිත ලබන 23 වනදාට පෙර නම්කළ යුතු වනවා.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන මස 30 වනදා ආරම්භ කිරීමට නියමිතයි.

Please follow and like us: