ලෝක තෙත් බිම් දිනය අද

2021-02-02 at 07:11

අදට යෙදෙන ලෝක තෙත් බිම් දිනයට සමගාමීව විශේෂ වැඩසටහන් මාලාවක් පරිසර අමාත්‍යාංශය විසින් සංවිධාන කර තිබෙනවා.

ඒ අනූව ලබන අප්‍රේල් මාසයේදී යෙදෙන ජාතික රුක් රෝපණ නැකතේදී සිටුවීමට ගන්නා පැළ සදහා අවශ්‍ය බීජ රෝපණය කිරීම අද දිනයේදී සිදුවෙනු ඇති.

තෙත් බිම් සහ ජලය යන්න මෙවර ලෝක තෙත් බිම් දින තේමාවයි.

මේ සම්බන්ධයෙන් පණිවුඩයක් නිකුත් කරමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දෙන්නේ මෙරට තෙත් බිම් රැකගැනීම සියලු දෙනාගේ වගකීමක් වන බවයි.

මෙරට ජාතික තෙත් බිමි විනාශ කිරීමට දායක වන කවරෙකුට වුවද තරාතිරම නොබලා අවශ්‍ය නිතිමය පියවර ගන්නා බවත් අමාත්‍යවරයාගේ පණිවුඩයේ සදහන්.