ලෝක බලවතුන්ට පාවාදී ඇති ජාතික සම්පත් යළි රටට අත්කරගන්න වැඩපිළිවෙලක් අවශ්‍යයි

2021-01-14 at 18:30

මෙරට දේශපාලන නායකයින් විසින් ලෝක බලවතුන් හමුවේ පාවාදී ඇති ජාතික සම්පත් යළි රටට අත්කරගැනීම සදහා වැඩපිළිවෙලක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

ඒ අනුව රට නිවැරදි දිශාවක් වෙත හැරවීමටනම් දැනට මුලින් සිදුකළ යුත්තේ විදෙස් රටවල් වෙත ලබා දී ඇති මෙරට වරායන් යළි රජය යටතට පත්කරගැනීම බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ ඩී ලාල්කාන්ත මහතා පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වරාය වෘත්තිය සමිති සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ඊයේ පැවති සාකච්ඡාව පිළිබදවද කේ ඩී ලාල්කාන්ත මහතා මෙලෙස අදහස් දැක්වුවා.