වන ජීවී රාජ්‍ය ඇමතිට එරෙහිව වන ජීවි නිළධාරීන් හෙට සංකේත වර්ජනයක

2020-11-26 at 15:58

වන ජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා විසින් වන ජීවී නිලධාරීන්ට බලපෑම් කර තර්ජනය කල බවට විරෝධය දක්වමින් හෙට දිවයින පුරා වනජිවි නිලධාරින් සංකේත වැඩ වර්ජනයක නිරත වන බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියාසිටියේ අමාත්‍යවරයා විසින් වන සත්ව සහ වෘක්ෂ ලතා ආඥා පනතට පටහැනිව කටයුතු කරන ලෙසට වන ජිවි නිලධාරින්ට බල කිරිම සහ දෙපාර්තමේන්තුව, බලධාරින් හෙලා දැකිමට විරුද්ධව එක් දින සංකේතාත්මක වෘත්තිය ක්‍රියා මාර්ගයකට එලඹෙන බවයි.

වනජිවි නිලධාරින්ට තර්ජනය කරමින් පොලෙන්නරුව ජල ගැලූම් නිම්න රක්ෂිතයේ මාර්ගයක් ඉදි කිරිමට සහ ගෘහස්ථ ගවයන් රක්ෂිතය තුලට ඇතුල් කිරිමට ඉඩ ලබාදෙන ලෙස සිදු කල බව කියන තර්ජනයක් මිට හේතුවී තිබෙනවා.

හවැලි කලාපයේ පොලෙන්නරුව ජල ගැලුම් නිම්නයේ රක්ෂිතයට අනවසරෙන් පුද්ගලයන්ට ඇතුල්විමට , අනවසර එලි පෙහෙලි කිරිම සදහ අවසර ලබාදෙන ලෙසට නිලධාරින්ට තර්ජනය කිරිම නිසා මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එලඹුණා.

මේක පැහැදිලිවම බලපැම් සහ තර්ජනය කිරිමක්. මේ රාජ්‍යය අමාත්‍යවරයාගේ ක්‍රියාවට විරෝධය පල කරමින් එක්දින අසනිප නිවාඩු වාර්තා කරමින් සංකේතාත්මක වැඩ වර්ජනයක් සිදු කරනවා.

මෙවැනි තර්ජනය නැති කිරිමටත් , නිතිගරුක සමාජයක් බිහි කිරිමටත් මෙය සිදු කරනවා.

කිසිදු රාජකාරි කටයුත්තකට අවතිර්ණ වෙන්නේ නැ , රාජ්‍යය අමාත්‍යවරයා වන අලින්ගේ අහාර ජලාය තමයි විනාශ කරන්නේ.

වන අලි ගම්වැදිමට වැලකිමට ඇති දේවල් තමයි රාජ්‍යය අමාත්‍යවරයා විසින් විනාශ කරන්නේ.

එයට එරෙහිව තමයි අපි කටයුතු කරන්නේ එහි වගකිම වනජිවි රාජ්‍යය අමාත්‍යවරයා භාරගත යුතුයි.

රක්ෂිත හරහා මාර්ගයක් ඉදි කිරිම සහ ගෘහස්ත එල ගවයන් රක්ෂිතවලට ඇතුල් කිරිමට නිලධාරින්ට බල කරලා තියෙනවා.

වනජිවි අමාත්‍යවරයාට මේ සම්බන්ධයෙන් ලිඛිතව ඉදිරිපත් කරලා තියෙනවා , (27) දින උදැසන එ සම්බන්ධයෙන් පිලිතුරක් නොමැති වුවහොත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එලඹෙනවා. යනුවෙන් පැවසිය.