වර්ජනවලින් මාව බය කරන්න බැහැ – ජනපති

2020-08-01 at 17:10

බාධක පැමිණිය ද දුප්පත්කම තුරන් කිරීමට ආරම්භ කළ ගමන නතර නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

අතීතයේ දී ඇතැමෙකුට රැකියා ලැබුණද, දිළිඳු ජනතාවට අවස්ථාව නොලැබුණු බව එතුමා පෙන්වා දෙයි.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනතාවට දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කරමින් මැතිවරණය අවසන් වූ වහාම අඩු ආදායම්ලාභීන් සහ උපාධිලාභීන් සඳහා සැලසුම් කළ

රැකියා එක්ලක්ෂ පනස්දහස දෙන බව රාජපක්ෂ මැතිතුමා සඳහන් කරයි. සාමාන්‍ය පෙළ සහඋසස් පෙළ සමතුන්ට පුහුණුවක් සමග රැකියා දීමට වැඩපිළිවෙළක් සකස් කරන බව ද එතුමා කියා
සිටී.
පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කරනු පිණිස අද (01) බදුල්ල දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත ජනාධිපතිතුමා මහියංගනය මහවැලි ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවේ දී මේ බව සඳහන් කළේය.

අපේක්ෂක තේනුක විදානගම මහතා විසින් හමුව සංවිධාන කර තිබිණ.

රට ගැන සිතන නායකයෙකු බලයට පත් සෑම අවස්ථාවකම එම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමකුමන්ත්‍රණකාරී සහ අන්තවාදී කණ්ඩායම්වල ඉලක්කය වූ බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

කිසිදු පදනමක් නැතිව වරාය ආශ්‍රිතව අර්බුදයක් නිර්මාණය කිරීමට පිරිසක් උත්සාහ කරමින් සිටිති.

තමා බියපත් කිරීමට ඔවුනට නොහැකි බව සඳහන් කළ ජනාධිපතිතුමා දුප්පත්කම තුරන්කිරීමට ගෙන යන වැඩපිළිවෙල ආපසු හැරවීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව අවධාරණය කළේය.අතරමග නතර වී ඇති මොරන් ඇල වාරි ව්‍යාපෘතිය කඩිනමින් නිම කර මහියංගනය ප්‍රදේශයේ

පානීය ජල ගැටළුව විසඳන බව ජනාධිපතිතුමා පැවසීය. වන අලි තර්ජනය, මත්ද්‍රව්‍ය උවදුර සහ දෙහිගොල්ල මහා විද්‍යාලයේ අඩු පාඩු පිළිබඳව රැස්ව සිටි ජනතාව ජනාධිපතිතුමා දැනුවත්
කළහ.

ඩී.බී. ශෂිකලා සෙව්වන්දි දියණිය කොවිඩ් අරමුදල සඳහා තම මුදල් කැටය ජනාධිපතිතුමා වෙත පිරිනැමුවාය.

මහියංගනයට යන මග දෙපස රැස්ව සිටී ජනතාව සමග ද ජනාධිපතිතුමා සුහද කථා බහක නිරත
විය.

අපේක්ෂිකා ඕෂධී හේවාමද්දුම මහත්මිය වියළුව කන්දකැටිය සතිපොළ භූමියේ සංවිධාන කළ ජන
හමුවට සහභාගී වූ ජනාධිපතිතුමාට ජනතාව මහත් හරසර පුද කළහ.

බොහෝ දිස්ත්‍රික්කවල පවතින වගා ජල හිඟයට සහ වන අලි තර්ජනයට ස්ථීර සාර විසඳුම්සෙවීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන බව ජනාධිපතිතුමා කියා සිටියේය.

පාරම්පරික වගාබිම් යළි පවරා අස්වැද්දීමට පියවර ගන්නා බව ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.