ව්‍යාපාරිකයා රන් බිස්කට් සමග කටුනායකදී අත්අඩංගුවට

December 7, 2018

ඉන්දියාවේ චෙන්නායි සිට නීතිවිරෝධිව රන් බිස්කට් තුනක් මෙරටට ගෙනආ පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා කියා සිටියේ එහි වටිනාකම රුපියල් විසිහතර ලක්ෂ හතලිස් අට දහස් හයසියක් බවයි.

සැකකරු 36 හැවිරිදි කුරුණැගල ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක්. ගුවන්තොටුපල රේගුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.