වැඩිම සුවය ලැබූ වාර්තාව යළිත් අලුත් වෙයි – 1869 ක් සුවය ලබයි

2021-01-28 at 16:03

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාධිතයන් අතුරින් එකවර වැඩිම පිරිසක් සුවය ලැබූ දිනය ලෙස ඊයේ සටහන්වී තිබෙනවා.

ගතවූ පැය 24 තුළදී සුවය ලබා ඇති සංඛ්‍යාව 1869 ක්.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාධිතයන් අතුරින් මේ දක්වා සුවය ලබා ඇති මුලු ගණන 54 දහස් 435 දක්වා ඉහළ යනු ඇති.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 5969 ක්.

ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් ආසාධිතයන් 772 දෙනෙකු වාර්තා වුණා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තාවී ඇති සමස්ත ආසාධිතයන් ගණන පවතින්නේ 60 දහස් 694 ක් ලෙසයි.

මිනුවන්ගොඩ – පෑලියගොඩ – බන්ධනාගාර පොකුර 56 දහස් 778 ක්.

මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 688 ක්.

ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් ආසාධිත මරණ 290 ක් වාර්තා වී තිබෙනවා.