වැඩි මිලට තිරිගු පිටි අලෙවි කළ වෙළෙදුන් 200 නඩු

2019-09-12 at 08:35

වැඩි මිලට තිරිගු පිටි අලෙවි කළ වෙළදුන් 200 කට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

නිව්ස් රේඩියෝව කළ විමසීමකදී පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රකාශකයෙකු කියා සිටියේ දීපව්‍යාප්තව සිදුකළ වැටලීම්වලදී මෙම නඩු පැවරීම් සිදුකළ බවයි.

වැඩි මිලට තිරිගු පිටි අලෙවි කරන වෙලෙදුන්ට එරෙහිව ඉදිරිටත් වැටලීම් සිදුකර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද පාර්භෝගික සේවා අධිකරිය සඳහන් කළා.

පැරණි මිල ගණන් යටතේ තිරිගු පිටි අලෙවි කිරිමට පිටි සමාගම් ජීවන වියදම් කමිටුවේදී එකගතාව පලකර තිඛෙනවා.

පාරිභෝගික සේවා අධිකාරියේ අවසරයකින් තොරව පසුගිය 6 වනදා තිරිගු පිටි කිලෝවලට මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට අදාල පිටි සමාගම් පියවර ගෙන තිබුණා.