වැල්ලවායේ රිය අනතුරකින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට

2020-07-10 at 11:08

වැල්ලවාය වරුණගම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිඛෙනවා.

වැල්ලවාය බුත්තල මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් අද උදාසන මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ති්‍රරෝද රථයේ පිටුපස අසුනේ ගමන් කළ තුන්දෙනෙක්. එහි රියදුරුද තුවාල ලබා ප්‍රතිකාර සඳහා වැල්ලවාය රෝහලට ඇතුලත් කර තිඛෙනවා.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා. –