විදුලිබල මණ්ඩලයෙන් තෙල් සංස්ථාවට කෝටි 5000ක ණයක් ගෙවයි

2020-07-10 at 14:08

ලංකා විදුලි බල මණ්ඩලය ඛණිජතෙල් සංස්ථාවට ගෙවිය යුතුව තිබූ රුපියල් කෝටි 8500ක ණය මුදලින් රුපියල් කෝටි 5000ක මුදලක් ගෙවා දැමීමට පියවර ගත් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

කොරෝනා වසංගත තත්වයත් සමග ලෝක වෙළඳපලේ ඉන්ධන මිල අවමවීම හමුවේ මහාභාණ්ඩාගාරය යටතේ පවතින විශේෂ අරමුදලට එකතුවූ මුදල්වලින් මෙලෙස රුපියල් කෝටි 5000ක මුදල ගෙවීමට පියවර ගත් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කලේ හම්බන්තොට ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකදීයි. කොරෝනා වසංගතය හමුවේ ඇඳිරිනීතිය පැනවූ කාලයට අදාල විදුලි බිල්පත් වෙනුවෙන් සහනදීම සඳහා මහජනතාවට හිතකර ඉතාමත් සුදුසු තිරණයක් රජය විසින් විසින් ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.