විදුලි කප්පාදුවක් නෑ – සමාජ මාධ්‍ය බොරු

2019-03-21 at 06:13

විදුලි කප්පාදුවක් සිදු කිරීමට කිසිදු අවශ්‍යතාවක් නැතැයි විදුලිබල අමාත්‍යාංශය පවසනවා. එහි මාධ්‍ය අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ නොරොච්චෝලේ ගල්අගුරු බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රිය වීම හමුවේ පසුගිය දින දෙකේදී පමණක් ප්‍රදේශ කිහිපයක විදුලි කප්පාදුවක් සිදුවූ බවයි.

මේ වන විට එය යථා තත්වයට පත් කර ඇති බැවින් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට හැකියාවක් පවතින බවද ඔහු අවධාරණය කළා.

විදුලි කප්පාදුවක් වන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුල පළ වී තිබූ සාවද්‍ය පුවත් සම්බන්ධයෙන්ද සුලක්ෂණ ජයවර්ධන මහතා මෙහිදී අදහස් පළ කලා.

එම පුවත් ප්‍රචාරය කරන්නේ කවුරුන්ද යන්න පිළිබද හදුනා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.

මේ අතර ඩෙල්ෆ් දූපතේ සූර්ය හා සුළං විදුලිය උත්පාදනය සංවර්ධනය කර ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට කඩිනමින් කටයුතු කරන බව විදුලිබල අමාත්‍ය රවී කරුණායක මහතා පවසනවා.

ඩෙල්ෆ් දුපතේ සංචාරයකින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා

Please follow and like us: