විදෙස් ගතවීම වැළැක්වීමට එරෙහිව පාඨලීත් අධිකරණයට – පොලිස් කොමිසමට යන්නත් සූදානම්

2019-12-14 at 16:35

තමන්ට විදෙස්ගතවීම තහනම් කරමින් නිකුත් කර ඇති නියෝගය සම්බන්ධයෙන් අධිකරණය තුලින්ම අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තුවන බව ජාතික හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

එමෙන්ම 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් තමන් වෙත චෝදනා එල්ලකරමින් යළි ආරම්භ කර ඇති විමර්ශණය පිළිබඳ පොලිස් කොමිෂන් සභාව වෙත කරුණු දැක්වීමට පියවර ගන්නා බවයි ඔහු සඳහන් කළේ.

ජාතික හෙළ උරුමය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාඨලී චම්පික රණවක මහතා මේ බව ප්‍රකාශ කළා.

අදාල විමර්ශණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ස්වාධීනව මෙහෙයවනු ඇති බවත් දේශපාලන පළිගැනීම්වලට කිසිඳු අවස්ථාවක බිය නොවන බවත් ඔහු අවධාරණය කළා.