විදේශයන්හී සිට තවත් 609 ක් දිවයිනට

2021-01-20 at 08:05

SRI LANKAN MATTALA AIR PORT

විදෙස්ගතව සිටි තවත් පුද්ගලයන් 269 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.

කටාර් සිට 110 දෙනෙක් / සවුදියේ සිට 76 දෙනෙක් / ඉන්දියාවේ සිට 55 දෙනෙක් මාලදිවයිනේ සිට 28 දෙනෙකු / මෙලෙස පැමිණ ඇති බවයි කොවිඞ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලේ.

එමෙන්ම අද දිනය තුළ පුද්ගලයින් 340 දෙනෙකු දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

දකුණු කොරියාවේ සිට 285 දෙනෙක් / සවුදියේ සිට 21 දෙනෙක් / චීනයේ සිට 23 දෙනෙක් / සිංගප්පූරුවේ සිට 3 දෙනෙක් / බංගලාදේශයේ සිට දෙදෙනෙක් / මාලදිවයිනේ සිට 6 දෙනෙක් මෙලෙස පැමිණිමට නියමිතයි.

නිරෝධායන මධ්‍යස්ථාන 96 ක් තුළ පුද්ගලයන් 8188 දෙනෙකු තවදුරටත් නිරෝධායනයට ලක් වනබවයි කොවිඩ් 19 ව්‍යාප්තවීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ.