විදේශ ණය ගෙවන්න ආණ්ඩුව ජනතා මුදල් අවභාවිත කරනවා

2021-01-28 at 18:38

ශ්‍රී ලංකාවට මෙම වසරේදී විදෙස් ණය වශයෙන් ඩොලර් මිලියන 7000 ක පමණ මුදලක් ගෙවීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මෙම විදේශ ණය ගෙවීම සදහා ආණ්ඩුව විසින් ජනතාවගේ මුදල් අවභාවිත කරන බවයි.

පාඨලී චම්පික මහතා මේ බව කියා සිටියේ ඊයේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.