විශ්වාසභංගය පැරදුනේ ඒකාබද්ධය නිසායි – ජ.වි.පෙ

2019-07-12 at 06:39

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරනු ලැබු විශ්වාස භංග යෝජනාව වැඩි ඡන්ද 27 කින් පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජය සමත් වුණා.

එහිදී විපක්ෂව ලැබුණු ඡන්ද සඛ්‍යාව 119 ක්. එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් විශ්වාස භංගයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළා.

ඊට පක්ෂව ලැබුණේ ඡන්ද 92 ක් පමණයි. ජනතා විමුක්ති පෙරමුණ සහ නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් බහුතරය ඡන්දය භාවිත කළේ ඊට පක්ෂවයි.

විශ්වාසභංග ඡන්ද විමසීමෙන් පසු පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේදී මාධ්‍ය වෙත අදහස් පළකලා. මේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහත්වරුන්.

ඒකාබද්ධ විපක්ෂයේ නොහැකියාව මත විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවා ගැනීමට නොහැකි වූ බවටයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කලේ. උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පවා ඊයේ පැමිණ නොසිටි බව මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කලා.

යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට හේතු පැහැදිලි කල දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මහතා.

රජයේ ස්ථාවරත්වයට කිසිදු බාධාවක් නොමැති බව මෙම ප්‍රථිඵලයෙන් නැවත ඔප්පු වූ බවයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේ.

මේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ’්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා.

Please follow and like us: