විශේෂ මහාධිකරණ වහන්නේ හොරකම් වහගන්න

November 9, 2018

විශේෂ මහාධිකරණ අහෝසි කර පසුගිය නිදහස් සන්ධාන රජය සමයේ සිදුවු වංචා සහ සොරකම් යටපත් කර ගැනීමේ අරමුණින් යුතුව ජනාධිපතිවරයා සමග එක්ව නව රජයක් පිහිටුවා ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා චෝදනා කරනවා.

නිවුස් රේඩියෝවට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඊයේ විශේෂ මහාධිකරණ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයෙන් ඒ බව මනාව තහවුරු වන බවයි.

විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසුරුවා හැරීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශවයේ අවධානය යොමුව ඇති බවයි අධිකරණ අමාත්‍යවරයා ලෙස දිව්රුම්දුන් සුසිල් ප්‍රේමජයන්ත් මහතා කියා සිටියේ.

මේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වන හර්ෂණ රාජකරුනා මහතා.