වෙඩි තැබූ සැකකරුවන්ට නවාතැන් දුන් කත දැලේ

2019-03-21 at 08:40

ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සදහා ආධාර අනුබල දුන් කාන්තාවක් වැලිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ද්විත්ව පුද්ගල ඝාතනය සිදුව තිබුනේ පසුගිය 14 වනදා මොරටුමුල්ල පිළියන්දල මාර්ගයේදීයි. එහිදී සිදුවූ වෙඩි තැබිමකින් බස් රථ හිමිකරුවෙකු සහ ඔහුගේ පුත්‍රයාගේ මිතුරෙක් මිය ගියා.

වෙඩි තැබීම සිදුකල සැකකරුවන්ට මෙම කාන්තාව විසින් නවාතැන් පහසුකම් ලබාදී ඇති බවයි අනාවරණ වන්නේ.

සැකකාරිය වැලිගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක කාන්තාවක්. ඇය අද මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Please follow and like us: