වෛද්‍යවරුන්ට නිවාස 1500ක්

2019-02-12 at 16:55

විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් සදහා නිල නිවාස 1500ක් ඉදිකිරීම කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

ඉදිකිරීම කටයුතු මාස 6ක කින් අවසන් කර වෛද්‍යවරුන් සදහා අර්ධ සුඛෝපබෝගී නිවසක් ලබාදීම තම අරමුණ බවයි එරාවුර් මූලික රෝහලේ නව වාට්ටු සංකීර්ණය සදහා මුල්ගල තැබීමේ අවස්ථාවට අද එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

විදේශ ආයෝජනයක් මත ඉදිකෙරෙන මෙම වෛද්‍ය නිල නිවාස වසර 15කට පසු යළිත් රජයට පවරාගන්නා බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියා.

මේ අතර හෙද සේවයට අවශ්‍ය නිල නිවාස ඉදිකිරීමට අවශ්‍ය මූලික කටයුතුද සකස් කර අවසන් බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් සදහන් කලේ.