ශ්‍රී ලංකාවෙන් ඊයේ කොවිඞ් ආසාධිතයන් 491 ක් – සමස්ත ආසාධිතයන් 19,771 දක්වා ඉහළට

2020-11-22 at 06:41

ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී කොවිඞ් ආසාධිතයන් 491 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඉන් 487 දෙනෙකු දිවුලපිටිය – පෑලියගොඩ කොවිඞ් පොකුරේ ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වනවා.

මේ අනුව දිවුලපිටිය – පෑලියගොඩ පොකුර 16 දහස් 252 දක්වා ඉහළ යනු ඇති.

ඉතාලියේ සිට පැමිණි 03 දෙනෙකු සහ තුර්කි ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයෙකුද ඊයේ ආසාධිතයන් අතරට අයත්.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 19 දහස් 771 ක් බවට පත්වනවා.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 6098 ක්.

මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 13 දහස් 590 ක් වනවා.

මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 480 ක්.