ශ්‍රී ලංකාවෙන් එක් දිනයක වැඩිම කොවිඞ් ආසාධිතයන් අද (887)

2021-01-21 at 22:09

ශ්‍රී ලංකාවෙන් එක් දිනයකදී වාර්තාවූ වැඩිම කොවිඞ් ආසාධිතයන් සංඛ්‍යාව අද වාර්තා වුණා.

ඒ 887 ක් ලෙසයි. ඉන් 873 දෙනෙකු මිනුවන්ගොඩ – පෑලියගොඩ – බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් වනවා.

ඒ අනුව එම පොකුර පවතින්නේ 52 දහස් 202 ක් ලෙසයි.

විදෙස්ගතව සිට පැමිණි 14 දෙනෙකුද ආසාධිතයන් ලෙස තහවුරුවීම හමුවේ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 56 දහස් 076 දක්වා ඉහළ ගියා.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 7816 ක්.

මෙරට කොවිඩ් ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 47 984 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.