ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඞ් ආසාධිතයන් 354 ක්

2021-01-14 at 17:57

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඞ් ආසාධිතයන් 354 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මේ අනුව මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුර 46 දහස් 811 දක්වා ඉහළ යනවා.

ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 50 දහස් 583 දක්වා වැඩිවනවා.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 6589 ක්.

මේ අතර මෙරට කොවිඩ් ආසාධිතයන් අතුරින් තවත් 480 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 43 747 දක්වා ඉහළ යනු ඇති. මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 741 ක්. ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 247 ක් වාර්තා වී තිබෙනවා. * රංගන