ශ්‍රී ලංකාව ඇතුලු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමක සුලමුල එළියට

2019-12-14 at 14:57

ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 9ක් පුරා ව්‍යාප්තවී ඇති ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයක් පිළිබඳ ඉන්දීය මත්ද්‍රව්‍ය නාෂක කාරයංශය විසින් තොරතුරු අනාවරණ කර තිඛෙනවා.

ඉන්දීය රුපියල් බිලියන 13කට අධික කොකේන් තොගයක් සමග සැකකරුවන් කණ්ඩායමක් ඉන්දීය මත්ද්‍රව්‍ය නාෂක කාර්යංශය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ පිළිබඳ තොරතුරු ඔවුන් ප්‍රසිද්ධියට පත් කලේ අද දිනයේදීයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතර ඉන්දීය ජාතිකයන් 5ක් / අමරිකන් ජාතිකයෙක් ඉන්දුනීසියානු ජාතිකයෙක් සහ නයිජීරියානු ජාතිකයෙක් සිටින බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට අමතරව ඕස්ටේ්‍රලියාව / කැනඩාව /අමරිකාව/ ඉන්දුනීසියාව/ කොලොම්බියාව මැලේසියාව සහ නයිජිරියාව යන රටවල් පුරා මෙම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය ව්‍යාප්තවී ඇති බවයි අනාවරණ වන්නේ.

මෙම ජාවාරම්කරුවන් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ ඛෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ලෙස ඉන්දියාව යොදාගෙන ඇති බවයි ඉන්දීය මත්ද්‍රව්‍ය නාෂක කාර්යංශය කළ විමර්ශණයේදී අනාවරණ වී ඇත්තේ.