ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයේ හොඳම රට වේවි

2020-06-30 at 13:02

සංචාරක ව්‍යපාරයේ හොඳම රට බවට තවත් මාස කිහිපයකින් ශ්‍රී ලංකාව පත්වනු ඇතැයි හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විශ්වාසය පල කරනවා. කොරෝනා වසංගතය මුහුණ දුන් ආකාරය ඔස්සේ මෙරට සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන්ද විශ්වාසයක් ගොඩ නැගී ඇති බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ.

මෙවර මහමැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට තුනෙන් දෙකක බලයක් ලැබෙනු ඇතැයි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියා සිටියා.

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතාද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා. ඔහු පැවසුවේ එම් සී සී ගිවිසුම සම්බන්ධයෙන් ජනතාව නොමග යැවීමට විපක්ෂය උත්සහ දරන බවයි.