ශ්‍රී ලංකා ආයෝජන සදහා කොරියා ආයෝජකයන්ට ආරාධනා

2020-10-24 at 06:40

කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග් මහතා විසින් සිය ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ඉදිරිපත්වන්නැයි ආරාධනා කර තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මෙරට කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග් මහතා අතර අරලියගහ මන්දිරයේදී ඊයේ පැවති හමුවකින් පසුවයි.

දශක කිහිපයකට පෙර කොරියාව මෙරට විශාලතම ආයෝජකයෙක් වන අතර මේ වන විට කොරියානු සමාගම් 115 කට වැඩි ප්‍රමාණයක් රට තුළ ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

අතර දෙරට අතර සමස්ත වෙළඳාම පසුගිය වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 327 ද ඉක්මවා තිබුණා.

ශ්‍රී ලංකාව සහ කොරියාව අතර ඉදිරියේදී ද්විපාර්ශවීය සහයෝගීතාව වර්ධනයකරගත හැකි එෆ්.ඩී.අයි. අපනයන, සංචාරක සහ සංක්‍රමණික සේවකයන් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ.