ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ රුමේනියාවට ගොඩබස්වයි

2019-03-25 at 17:45

මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් සිට කොළඹ බලා එමින් තිබු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 504 ගුවන් යානය හදිසියේ රුමේනියාවේ බුකරස්ට් ගුවන් තොටුපලට ගොඩබස්වා තිබෙනවා. ඒ ගුවන් මගියෙකුට හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන්.

යානය රුමේනියාවේ බුකරස්ට් ගුවන් තොටුපලට ගොඩ බෑමෙන් අනතුරුව ගුවන් තොටුපලේ වෛද්‍යවරුන් පැමිණ රෝගියාට ප්‍රතිකාර ලබා දී ඇති බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සදහන් කරන්නේ.

යානයේ සිටි මගින් 195 ක් මේ වන විට බුකරස්ට් හි හෝටලයක නවාතැන් පහසුකම් සපයා දී ඇති අතර යලි හැකි ඉක්මනින් එය ශ්‍රී ලංකාව බලා ඒමට නියමිත බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කියා සිටින්නේ.

Please follow and like us: