මහනුවරට නව සංචාරක සැලසුම් – ප්‍රසන්න

2021-01-28 at 12:26

පේරාදෙනිය උද්භිද උද්‍යානය දෙස් විදෙස් සංචාරක ආකර්ෂණිය ස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට අදාල විශේෂ වැඩසටහන් රැසක් මේ වසර තුළ ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

පේරාදෙනිය උද්භිද උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පසු මාධ්‍යයට අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

මේ අතර මහනුවර දිස්ත්‍රික් ජීවනෝපාය සංවර්ධන කමිටුවට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ සංචාරකයන් වැඩි කාළයක් මහනුවර නගරයේ රදවාගැනිමට අවශ්‍ය වැඩසටහන් සකස් කළයුතු බවයි.