සජිත් එජාපය විනාෂ කළා – මහින්ද රාජපක්ෂ

2020-08-01 at 13:07

යළි යථා තත්වයට පත් කළ නොහැකි අන්දමින් සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂය විනාෂ කර දැමූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සම්බන්ධ වෙමින් සිටින බවයි ඇඹිලිපිටිය ප්‍රදේහයේ ඊයේ පැවති ජන හමුවකදී මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ.

මේ අතර පක්ෂයට එරෙහි සියලු බලවේග අතුගා දැමීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අවධාරණය කරනවා.

ගාල්ලේ ඊයේ පැවති ජන හමුවකදීයි ඔහු මේ බව කියා සිටියේ.