සජිත් දින්නම මාස 6 ක සහන කාළයක් – මරික්කාර්

2020-06-30 at 12:43

ආරක්ෂක අංශ සාමාජිකයන් සම්බන්ධයෙන් කරුණා අම්මාන් සිදුකළ ප්‍රකාශයට අදාලව ඔහු අත්අඩංගුවට ගත යුතු බව සමගි ජන බලවේගය පවසනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥය අජිත් පී පෙරේරා මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ කරුණා අම්මාන් සිදුකළ ප්‍රකාශයේ බරපතලකම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අවබෝධ කර ගෙන නොමැති බවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතාද මෙම මාධ්‍ය හමුවට එක්වුනා. සමගි ජන බලවේයේ ඉදිරි ආණ්ඩුවක් යටතේ ජනතාවට මාස 6 ක සහන කාලයක් ලබාදී උපරිම සහන දෙන බවයි ඔහු කියා සිටියේ.