සති අන්තයේ නිරෝධායන ඇඳිරි නීතිය දැඩිව

2020-10-24 at 06:52

නිරෝධායන ඇඳිරි නීතිය බලාත්මක පොලිස් බල ප්‍රදේශවල සති අන්තයේ එය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.

ඒ අනුව එම ප්‍රදේශවල කිසිදු අයුරකින් වාහන නතර කර තැබීමට ඉඩ නොදෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

කෙසේවෙතත් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට මෙමගින් බාධාවක් නොමැති බවද ඔහු සඳහන් කලා.