සර්ප දෂ්ඨ කිරීම්වලින් වැඩිම පිරිසක් මියයන රටවල් 4 අතරට ශ්‍රී ලංකාවත්

2019-08-10 at 20:24

සර්පයන් දෂ්ඨ කිරීමෙන් ලොවපුරා සිදුවන මරණ අතරින් සැලකිය යුතු සංඛ්‍යාවක් වාර්තාවන රටක් ලෙස ශ්‍රී ලංකාවද නම් කර තිඛෙනවා.

බීබීසී සිංහල සේවය පළ කර ඇති වාර්තාවක දැක්වෙන්නේ ලොවපුරා මාරක සර්ප දෂ්ඨ කිරීම් සම්බන්ධයෙන් ලැඛෙන වාර්තාවලින් සියයට 70ක් සිදුවන්නේ ශ්‍රී ලංකාව /ඉන්දියාව /නේපාලය සහ පාකිස්ථානයේ බවයි.

සර්ප ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරුණ සමීක්ෂණවලින් මේ බව හෙළිවී තිඛෙනවා.

දැනට ලැබී ඇති සංඛ්‍යාලේඛණ අනුව වසරකට සර්ප දෂ්ඨ කිරීම් පනස් ලක්ෂයක් සිදුවන අතර ඉන් මිය යන පුද්ගලයින් ගණන එක් ලක්ෂ තිස් අටදහස (138,000) ක්.

ඊට අමතරව සර්ප විෂට ගොදුරුවූවන්ගේ අත්පා කපා ඉවත් කිරීම් සහ ජීවිත කාලය පුරා ආබාධිත තත්වයන්ට පත්වීම් හාර ලක්ෂයක් පමණ වාර්තා වන බවයි බීබීසී සිංහල සේවය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් සර්පයන් මිනිසාගේ සතුරෙකු නොව මිනිස් වර්ගයා වෙනුවෙන් ප්‍රයෝජනවත් කාර්යයක් ඉටු කරන ජීවියෙකු ලෙස සැලකිය යුතුව ඇති බවයි ජෛව විද්‍යා විශේෂඥයන් පෙන්වා දෙන්නේ.