සහන මිලට සහල් දෙන කථාව මුලාවක් – පාරිභෝගික අයිතීන් සුරකීමේ සංවිධානය

2019-12-11 at 06:21

ජනාධිපති ලේකම්වරයාද නොමග යවමින් මහා පරිමාණ සහල් මෝල් හිමියන් විසින් නීති විරෝධී ආකාරයෙන් සහල් මිල ඉහල දමා ඇති බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරනවා.

සම්බා සහ නාඩු සහල් කිලෝවක් රුපියල් 98 ක් වන පරිදි උපරිම සිල්ලර මිලක් යටතේ අලෙවි කිරීමට මහා පරිමාණ සහල් මෝල් හිමියන් එකගතාව පළ කළ බවයි මුදල් අමාත්‍යංශය ඊයේ නිකුත් කල නිවේදනයක දැක්වුණේ.

කෙසේවෙතත් සුදු සම්බා කිලෝවක් රුපියල් 85 කටත් / සුදු නාඩු රුපියල් 80 කටත් / රතු නාඩු කිලෝවක් රුපියල් 74 කටත් අලෙවි කළ යුතු බවට පසුගිය රජය සමයේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් නියෝග කර තිබෙනවා.

එසේ තිබියදී වී මෝල් හිමියන්ට අවශ්‍ය පරිදි සහල් මිල ඉහල දැමීමට වත්මන් රජය ඉඩ දීම දැඩිව හෙලා දකින බවයි පාරිභෝගික අයිතීන් සුරකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා පෙන්වා දෙන්නේ.

පාරිභෝගිකයන් අපහසුතාවට පත්කරමින් සහල් මෝල් හිමියන් දැවැන්ත ජාවාරමක නිරතවන බවටද ඔහු චෝදනා කරනවා.

වී මෝල් හිමියන් ප්‍රබල මාෆියාවක නිරතවෙමින් සිටින බවටද රංජිත් විතානගේ මහතා චෝදනා කළා.