සහරාන් හෂීම්ගේ මිතුරෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට

2019-06-13 at 06:25

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැළකෙන සහරාන් හෂීම් නමැත්තා සමග සබඳතා පැවැත්වූ බව කියන මොහොමඞ් අසරුඩීන් නම් අයෙකු ඉන්දියාවේ කොයිම්බතූර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තමිල්නාඩුවේ අයි එස් ක්‍රියාකාරකම් මෙහෙයවා ඇත්තේද මෙම තැනැත්තා බවටයි හඳුනාගෙන ඇත්තේ. සැකකරු සතුව තිබී ජංගම දුරකථන 14 ක් / සිම් කාඞ් 29 ක් / පෙන් ඩ්‍රයිව් 10 ක් ඇතුලු උපකරණ රැසක් මෙන්ම ත්‍රස්ත හිතවාදී ලේඛණ රැසක්ද සොයාගෙන තිබෙනවා.

අයි එස් හිතවාදීන් සොයා ඉන්දීය ජාතික බුද්ධි ඒජන්සිය ඊයේ සිදුකල විශේෂ සෝදිසියකදී 32 හැවිරිදි මෙම තැනැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Please follow and like us: