සෞඛ්‍ය අංශ නිර්දේශ කරන තුරු ගුවන්තොටුපල වහළා

2020-09-16 at 12:35

සෞඛ්‍ය අංශ විසින් රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය තහවුරු කර ඇති බවට සහතිකයක් ලබා දෙන තෙක් ගුවන්තොටුපොළ විවෘත නොකරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ඉන්දියාවේ සිට නීති විරෝධීව මෙරටට ඇතුළු වීමට උත්සහ දරන පුද්ගලයින් පිළිබඳ නාවික හමුදාව දැඩි විමසිල්ලෙන් පසුවන බවද අමාත්‍යවරයා සඳහන් කලා.

ගම්පහ පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ප්‍රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියේ.