සෞඛ්‍ය නීති කැඩූ 10,000 කට නීතිය ක්‍රියාත්මක කලා

2021-01-14 at 07:04

මුහුණු ආවරණ නොපැලදීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් දස දහසකට පමණ නීතිය ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසනවා.

බස්නාහිර පළාත තුළ පමණක් ඊයේ දිනයේ දී මුහුණු ආවරණ නොපැලදීම සහ සමාජ දුරස්ථ භාවය ආරක්ෂා කර නොගත් පුද්ගලයින් 137 දෙනෙකු අත් අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කලේ.