හලාවත ග්‍රාම නිලධාරී වසම් 04 කට සංචරණ සීමා

2020-11-26 at 16:41

හලාවත පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 04 කට සංචරණ සීමා පණවා තිබෙනවා.

කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලේ උතුරු වෙරළබඩ, දකුණු වෙරළබඩ, කුරුසපාඩුව සහ එගොඩවත්ත යන ග්‍රාම නිලධාරී වසම්වලට මෙලෙස සංචරණ සීමා පණවා ඇති බවයි.

පසුගිය දින කිහිපයේදී මෙම ප්‍රදේශවලින් කොවිඞ් ආසාධිතයන් වාර්තාවීම ඉහළයාම සැළකිල්ලට ගෙනයි මෙම තීරණය ගෙන ඇත්තේ.