“සර්පයා” මරණ දඩුවමෙන් නිදහස්

2019-12-10 at 15:52

මරණ දඩුවම නියමවී සිටි සබරගමුව පළාත් සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හසිත මුහන්දිරම් හෙවත් සර්පයා නැමැත්තා නිදහස් කිරීමට අභියාචනාධිකරණය තීරන්දු කර තිබෙනවා.

මරණ දඩුවමට එරෙහිව මොහු ගොණුකර තිබූ අභියාචනයක තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය මෙම නියෝගය කළ බවයි නිවුස්රේඩියෝ අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

පුද්ගලයන් දෙදෙනෙකු මෝටර් රථයකින් යටකර ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරු කරමින් රත්නපුර මහාධිකරණය විසින් හසිත මුහන්දිරම් හෙවත් සර්පයා නැමැත්තාට මරණ දඩුවම නියම කළේ 2014 වසරේ දෙසැම්බර් මස 11වනදායි.